App logo

Kolama

@kolamalk

410

friends

එක්තරා ප්‍රදේශයක මඩ වලක ගෙම්බෙකු ජීවත් වුනා. "මඩ වලක ඉන්න උබ මහ කාලකන්නි ගෙම්බෙක්" කියා මේ මඩ වල ලගින් යන මිනිසුන් ගෙම්බට අවමන් කලා. මේ කිසිවකින් නොසැලුනු මේ ගෙම්බා තමුන්ගේ එදිනෙදා වැඩ ටික හරියටම කරගෙන ගියා. මේ විදිහට කාලයක් ගත වුනා. එක් දිනක් උදෑසන අවදි වී බලන විට, ගෙම්බට හිතා ගන්නවත් බැරි දෙයක් සිදු වී තිබුනා. ඒ මඩ වලේ නෙළුම් මලක් පිපි තිබුනා. "මගේ ලිපිනය වෙනස් කලා! මම දැන් ඉන්නේ මඩ වලක නෙමෙයි විලක" කියා ගෙම්බා කාටත් පෙනෙන විදිහට දැන්වීමක් සවි කලා. පසු සටහන ඔබේ ජීවිතය මේ අවස්ථාවේ කුමන ස්වරුපයක තිබුනත්, ඔබ දැන් ගතකරන ජීවිතය පිලිබදව මිනිසුන් ඔබට කෙතරම් නින්දා අපහස කලත්, ඒ කිසිවකින් නොසැලී ඔබව සාර්ථක කිරීමට ඉවහල් වන තමුන්ගේ එදිනෙදා වැඩ ටික හරියටම කරගෙන යන්න. ඔබගේ ජීවිතය නොසිතූ අවස්ථාවක ඔබවත් කිසිවිටක නොසිතූ විදිහකට වෙනස් වේවි.